Wednesday 5 December 2012

උපදේශයට පන්සීයයි

හොරු දෙදෙනෙක්‌ එක්‌තරා පාළු ස්‌ථානයකට වී කතා බස්‌ කරමින් සිටියහ.




හොරා #1: ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා.. එක්‌ හොරෙක්‌ අනෙකාට පැවැසීය.

හොරා #2: ඒ කොහොමද?

හොරා #1: මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා.

හොරා #2: ඊට පස්‌සෙ මොකද වුණේ?

හොරා #1: මොකුත් වුණේ නැහැ. එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා.

හොරා #2: ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?

හොරා #1: ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක්‌ මගෙන් අය කළා."
ඔහු දුක්‌මුසු ස්‌වරූපයෙන් එසේ පැවසීය.




Official FB Page: පොඩ්ඩක් හිනා වෙමු!!! ( Sinhala Rasa Katha )

0 comments:

Post a Comment